28 C
Colombo
Saturday, July 27, 2024

දින 10ක ඇඳිරිනීතිය ප්‍රමාණවත් නෑ..! – ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ

- Advertisement -

දින 10 ක කාලයක් පමණක් රට වසා තැබීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා පවසනවා.

ජාතික ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් වෛද්‍යවරයා පවසා සිටියේ කොවිඩ් වෛරසයේ බීජෞෂණ සමය පිළිබඳව විද්‍යාත්මකව සලකා බැලූවිට දින 10ක කාලයක් යනු ප්‍රමාණවත් කාලයක් නොවන බවයි.

ආසාදිතයෙකුගෙන් තවකෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් දින 14ක් පමණ කාලයක් පුරාවට පවතින බවත් එබැවින් අවම වශයෙන් දින 14ක්වත් රට වසා තැබිය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

අවුරුදු 60 වැඩි ජේෂ්ඨ පුරවැසියන් ඇන්ටිජන් පරීක්ෂණ නැවත නැවත කර ගත යුතු බවට කවුරුන් හෝ ජනාධිපතිවරයාට වැරදි උපදෙස් ලබා දී ඇති බවත් සංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔහු තවදුරටත් පවසා සිටියා.

මුඛාවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජ දුරස්ථභාවය රැක ගැනීම ආදී මූලික නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...