29 C
Colombo
Sunday, June 4, 2023

අධ්‍යාපන ඇමති ඉදිරියේ ලැප්ටොප් 10 ක් දරුවන්ට දී 5 ක් ආපහු ගෙනිහින්

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් එක්ක වලල්ලාවිට දොඩම්පාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට බෙදාදුන් ලැප්ටොප් පරිගණක 10 කින් 5 ක් නැවත රැගෙන ගොස් ඇති බවට දෙමාපියන් චෝදනා කරනවා.

අධ්‍යාපන අමාත්‍ය ජී.ඇල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීමේ වැඩසටහන යටතේ මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍ර එම දරුවන්ට ලබාදී තිබෙනවා.

එම අවස්ථාවන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සහ මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක යන මහත්වරුන්ද සහභාගී වුණා.

එහිදී දරුවන්ට එම ලැප්ටොප් පරිගණක බෙදාදීම, දරුවන් ඒවා පරිහරණය කරන ආකාරය වීඩියෝගත කිරීම, ජායාරූපගත කිරීම යනාදියෙන් පසුව ලැප්ටොප් පරිගණක 5 ක් යළි රැගෙන ගිය බවයි දෙමාපියන් පවසන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා පවසන්නේ මතුගම කලාපයේ පාසල්වල ඉගෙනුම් පහසුකම් නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ මෙම පාසලට හිමිවන්නේ ලැප්ටොප් පරිගණක 5 ක් සහ එක් ප්‍රක්ෂේපන යන්ත්‍රයක් (Projector) පමණක් බවයි.

දොඩම්පාපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් 51 දෙනා අතරින් 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තෝරාගත් දරුවන් කිහිප දෙනෙක්ට එම ලැප්ටොප් යන්ත්‍ර සංකේතාත්මකව ලබාදී දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා ගුරුවරුන්ට භාරදුන් බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසනවා.

පාසලට ලැබුණේ ලැප්ටොප් යන්ත්‍ර 5 ක් පමණක් වුවත් ඒ මොහොතේ එතැන සිටි දරුවන් 10 දෙනෙක්ට සංකේතාත්මකව පරිගණක ලබාදුන් බවත් එය වරදවා වටහා ගත් දෙමාපියන් ගමේ වැරදි මතයක් ඇතිකරමින් යන බවත් ඔහු සදහන් කළා.

මේ දරුවන්ට මේ ආකාරයෙන් හෝ පහසුකම් ලැබීම ගැන ඔවුන් සතුටු විය යුතු බවද මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලාල් දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...