28 C
Colombo
Friday, May 31, 2024
spot_img

අධ්‍යාපන නිලධාරී 1000ක් ශිෂ්‍ය භට බලකායේ තනතුරුවලට

- Advertisement -

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් නිලධාරීන් දහසක් ජාතික ශිෂ්‍ය භට බලකායේ අධිකාරිලත් තනතුරු වලට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගීතා හා පරිපූරක හමුදා පනතේ V වන කොටස යටතේ පරිපූරක හමුදාමය ආයතනයක් වශයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම බලකායේ නිලධාරීන් හා ශිෂ්‍ය භටයන් ලෙස බඳවා ගනු ලැබ තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය භට කටයුතු තවදුරටත් ප්‍රවර්ධන කිරීම සඳහා අධිකාරී ලත් නිලධාරීන් ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවාවලට අයත් නිලධාරීන් ජාතික ශිෂ්‍ය භට බලකායට බඳවා ගැනීම පිණිස මූලික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට අදහස් කර ඇතැයි රජය පවසනවා.

එම සේවාවන් වල 1,2 සහ 3 ශ්‍රේණි වලට අයත් නිලධාරීන් 1000ක් බඳවාගෙන මූලික පුහුණු පාඨමාලාවකින් පසු අධිකාරිලත් නිලධාරීන් ලෙස පත්කිරීමට සැලසුම් කර ඇති බවද රජය පවසනවා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...