වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළා.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මේ වන තෙක් කිසිඳු වතුකම්කරුවෙක් අද දිනයේ සේවයට වාර්තාකර තිබුණේ නැහැ.
මේ අතර වතු පාසල්වල ගුරුවරුන්ද අද අසනීප නිවාඩු වාර්තා කර ඇති අතර කෙටිදුර ධාවනයේ යෙදෙන බස්රථ ද ධාවනයෙන් ඉවත්ව අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළකර තිබෙනවා.