28 C
Colombo
Saturday, July 27, 2024

අදානි එක්ක ගහපු සුළං බලාගාර ගිවිසුමෙන් බිලියන11ක පාඩුවක්

- Advertisement -

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩලය සතුව තිබෙන මෙගාවොට් එකසිය තුනක බලගාරය සැලකීමේදී විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරිමට වැයවන්නේ රුපියල් 15ක මුදලක් පමණක් බවයි.

එහෙත් මෙගාවොට් 484ක බලාගාර දෙකක් මෙරට ඉදි කිරීමට ඉන්දීය සමාගමකට අවස්ථාව ලබා දී තිබෙන බවත්, එම ගිවිසුම්වලදී විදුලි ඒකකයක් ඩොලර් ශත 8.26 කට මිලදී ගැනීමට ගිවිසුම් ගත වී තිබෙන බවත් ඔහු පවසා සිටියා.

පසුගිය සතියේ මෙගාවොට් 50ක සුළං විදුලිබලාගාරයක් ඉදිරිකිරීම සඳහා ඩෙන්ඩර කැඳවීමක් සිදුකළ බවත්, එහිදී විදුලි ඒකකයක් ඩොලර් ශත 05 -06 අතර මුදලක ලබා දීමට ඩෙන්ඩර් ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන්.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය සමාගම සමග ගිවිසුම්ගත වීමට අනුව අදාළ මුදල් ලංකා රජය විසින් රුපියල්වලින් බැංකුවට ගිණුම්ගත කරන බවත්, සමාගමට එම මුදල් ඩොලර්වලින් බැරවන බවයි.

විදුලිබල මණ්ඩලය සතු බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වන මුදල හා පසුගිය දිනවල සිදුකළ ඩෙන්ඩර් කැඳවීම්වලට අනුව ඉදිරිපත් වූ මිල ගණන් සැසඳීමෙහිදී ඉන්දීය සමාගම සමග ගිවිසුම් ගත වූ මුදලට අනුව වසරකට මෙතරම් මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...