දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් පතලක සිදුවූ අනතුරකින් කම්කරුවන් 11 දෙනෙක් මිය ගොස් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
අදාළ සමාගම පැවසුවේ මිනිසුන් පතලේ ඉහළට සහ පහළට ඔසවන සෝපානය අනපේක්ෂිත ලෙස පහළට ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවූ බවයි.
මේ වන විට බරපතල තුවාල ලබා ඇති පිරිසෙන් 10 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ, මෙම අනතුර පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බවත් මේ වනවිට එම සමාගම සතු සියලු පතල්වල වැඩ කටයුතු අත්හිටුවා ඇති බවයි.