24 C
Colombo
Tuesday, March 21, 2023

රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111 ක්

- Advertisement -

රාජ්‍ය ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට වාහන 111ක් වෙන්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනතාවට ජීවත්වීමට පවා අසීරු වී ඇති අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් තිස් හත් දෙනෙකු පත් කිරීමෙන් රටේ වැය බර තවත් ඉහළ යන බවයි.

එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුට පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හිමිවන බව පැවසූ පීරිස් මහතා ඔවුන්ගෙන් තිදෙනකුට රජය මගින් වාහන තුනක් ලබා දෙන බවද සදහන් කරනවා.

මේ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පසුගිය 09 වනදා සියලු ම අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරුන් වෙත වරප්‍රසාද සැපයීමේ විධිවිධාන සදහන් කර තිබුණා.

ඊට අනුව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය හා ආරක්ෂාව වෙනුවෙන් නිල වාහන 03කුත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට පමණක් නිල වාහනයක් සහ සහාය කාර්ය මණ්ඩලයේ අනෙකුත් නිලධාරීන් සඳහා වාහන 02ක් පමණක් වන ආකාරයට වාහන 06ක් ද එක් එක් රාජ්‍ය අමාත්‍යවරයාට හිමි වනවා.

එහි දී රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල වාහන සඳහා මසකට පෙට්‍රල් වාහනයකට නම් ලීටර 500ක් හෝ ඩීසල් වාහනයකට නම් ලීටර් 500ක් ලෙස ද වන අයුරින් අදාල නිල රථ තුනට ඉන්ධන ලීටර් 1500ක් හිමි ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.