පසුගිය 2015 – 2019 යහපාලන ආණ්ඩු සමයේ රුපියල් බිලියන 1,239 ක වාහන මෙරටට ආනයනය කර ඇති බවට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.
අද (05) පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළකළා.
ඒ අනුව 2015 වසරේදී වාහන 647,434 කුත්, 2016 වසරේදී වාහන 469,304 කුත්, 2017 වසරේදී වාහන 460,261 කුත්, 2018 වසරේදී වාහන 494,488 කුත් හා 2019 වසරේදී වාහන 344,059 කුත් මෙරටට ආනයනය කර තිබෙනවා.
ඊට අදාල දර්ශන හා සම්පූර්ණ විස්තරය පහතින්,