බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී අනතුර සිදුව තිබෙන බවට වාර්තා වනවා.
සංචාරකයින් 12 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙක් අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට තිබෙනවා.
මේ වන විට අනතුර පිළිබඳ කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රසීල බලධාරීන් සඳහන් කර තිබෙන අතර යානය අනතුරට ලක්වීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.