30 C
Colombo
Friday, May 17, 2024

කොළඹ පුරපතිනි නිල නිවස අතු ගාන්න ලක්ෂ 150ක්

- Advertisement -

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට ගත වූ වසර පහේදී රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු පනතින් කළ අයැදුමකට පිළිතුරු වශයෙන් නාගරික ලේකම් කාර්යාලය සඳහන් කර තිබෙනවා.

2018 වසරේදී රුපියල් 947,724ක් ද, 2019 වසරේදී රුපියල් 4,199,499ක් ද, 2020 වසරේදී රුපියල් 3,814,072ක් ද, 2021 වසරේදී රුපියල් රුපියල් 4,608,708ක් ද, 2022 වසරේදී රුපියල් 1,537,890ක් ද වශයෙන් මෙම බිල්පත් ගෙවා ඇතැයි නාගරික ලේකම් කාර්යාලය පවසනවා.

රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරාධිපති ධූරයට පත්වීමෙන් පසුව එහි නිල නිවසේ පිරිවැය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ම හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පනතෙන් කරනු ලැබූ අයැදුමකට පිළිතුරු වශයෙන් මෙම තොරතුරු ලබා දී තිබෙනවා.

එකී නිල නිවස පවිත්‍ර කිරීමට සේවකයන් සපයන පෞද්ගලික ආයතනයකින් මුල් අවස්ථාවේදී සේවකයන් 8 දෙනෙකු ද 2021 පෙබරවාරි 16 සිට සේවකයන් 9ක් ද වශයෙන් මෙම රුපියල් 15,107,894ක මුදල ගෙවා සේවකයන් යොදා ගෙන තිබෙන අතර ගෙමිදුල පමණක් පිරිසුදු කිරීමට සේවකයන් තිදෙනෙකු යොදා තිබෙන බව ද සඳහන් වෙනවා.

ඉඩම් කළමනාකරණ හා පරිසර සංවර්ධන ඒකකය මඟින් දැනුම් දී තිබෙන්නේ ඔවුන් පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා රාජකාරි සිදුකරන බවත් නිල නිවසේ ඉදිරිපිට ගෙමිදුල පිරිසුදු කිරීමේ කටයුතු සඳහා විහාරමහා දේවි උද්‍යානයේ සේවකයන් තිදෙනෙකු යොදාගෙන ඔවුන්ට රුපියල් 909,000ක් ගෙවා තිබෙන බව ද සඳහන්.

එසේ ම, රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවෙස 2018 සිට 2023 දක්වා භාවිත කළ මුළු සේවා කාලපරිච්ඡේදය තුළ විදුලි බිල්පත් ගාස්තුවේ මුළු එකතුව රුපියල් මිලියන 9ක් වන බව මොවුන් පෙන්වා දෙනවා.

ඒ අනුව, නිල නිවසේ විදුලිය පරිභෝජනයේදී හා පවිත්‍රතාවලට සේවකයන් යෙදවීමේදී නගර සභාවේ ක්‍රියාපටිපාටීන්ට පටහැනිව කටයුතු කර ඇති බව සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීවරුන් පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (08)පැමිණිලි කර තිබෙනවා.

ඔවුහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ නිසි ක්‍රියාපටිපාටි හා එම පිළිවෙත් අනුව නගරාධිපති නිල නිවස සඳහා මුළු සේවකයන් 4ක් පමණ භාවිත කළ හැකි අවස්ථාවක නගර සභාවේ සේවකයන් 3ක් හා පෞද්ගලික ආයතනයකින් සේවකයන් 9 දෙනා බැගින් මුළු සේවකයන් 12 දෙනෙකු පවිත්‍රතා කටයුතු සඳහා යොදා මුදල් ගෙවා තිබීම ගැටලුවක් බවයි.

හිටපු නගරාධිපතිනිය රජයේ මුදල් අවභාවිත කරමින් හෝ වෙනත් පාර්ශ්වයක් වෙත වාසි ලැබෙන ආකාරයට කටයුතු කරමින් අල්ලස් කොමිෂන් සභාවේ පිහිටුවා ඇති 1994 අංක 19 දරන (සංශෝධිත) පනතේ 70 වගන්තිය සඳහන් දූෂණය නමැති වරද සිදුකර තිබේදැයි සොයාබැලීමට විමර්ශනයක් පවත්වන ලෙස එම එජාප මන්ත්‍රීවරුන් පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ගෝඨාභයට නොතීසි නිකුත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන...

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...