28 C
Colombo
Saturday, July 27, 2024

සෞඛ්‍ය උපදෙස් කඩකලැයි 177 ක් අමාරුවේ

- Advertisement -

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මුහුණු ආවරණ නොපැළඳි සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා මත පුද්ගලයින් 177 දෙනෙකු ඊයේ (25) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අත්අඩංගුවට පත් පුද්ගලයින්ගෙන් 134 දෙනෙකු බස්නාහිර පළාතෙන් වන අතර ඉන් 34 ක් කොළඹින්, 50 ක් කළුතරින් හා 45 දෙනෙක් ගම්පහින් බවයි පොලීසිය සදහන් කරන්නේ‍.

2020 ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණේ ඊයේ (26) දිනයේ බවයි අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 3,647 ක් වනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...