28 C
Colombo
Saturday, July 27, 2024

නගරාශ්‍රිත ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන්ට සිදුවන හානි තවදුරටත් ඉහළට

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ නගරාශ්‍රිත ගැටුම් වර්ධනයවීම හේතුවෙන් සිවිල් වැසියන්ට සිදුවන හානි තවදුරටත් ඉහළ ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස් මිචෙල් බැචලේට අනුව ජූලි 09 සිට ගතවූ මාසයක කාලය තුළ පමණක් එම ගැටුම්වලින් සිවිල් වැසියන් 183 දෙනෙකු මියගොස් ඇත.

එම කාලය තුළ එහිදී තුවාල ලැබූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 1180 ක් බව ද ඇය සදහන් කළාය.

ලෂ්කාර්ගා, කන්දහාර්, හේරාට් සහ කුන්දුස් යන නගරවලින් පමණක් මෙම මරණ සහ තුවාලවීම් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඉදිරිකාල සීමාවේ නගරාශ්‍රිත ප්‍රදේශවල ගැටුම් තවදුරටත් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින අතර ඒ හේතුවෙන් සිවිල් වැසියන්ට සිදුවන හානි තවදුරටත් ඉහළයා හැකි බවට විශ්වාස කෙරේ.

මේ අන්දමින් අෆ්ගනිස්තානයේ ලේ ගංගා ගලායාම වළක්වා ගැනීම සදහා තලේබාන් සංවිධානය සහ රජය වහා ගැටුම් නැවැත්විය යුතු බවද ඇය අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...