27 C
Colombo
Friday, June 14, 2024
spot_img

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට වෙනත් එන්නත් 2ක් දෙනවා

- Advertisement -

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නත් දෙකක් යොදා ගනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව‍යි ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ.

අද (28) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය ලබාදුන් බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් සහ මොඩෙර්නා එන්නත් මාත්‍රා 1,000,000ක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටිනවා

RECENT ARTICLES - SINHALA

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...

උද්දිකගේ සුපිරි රංගනය අතේ පත්තු වෙලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ...

දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සුදානමින්

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00...

POPULAR ARTICLES

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විකිපීඩියා එකේ ‘ලොන්තයෝ’ වෙලා

විස්සයි විස්ස ලෝක කුසලන තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් වර්තමානය වන විට ක‍්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින්...

කෙහෙළියට මල්වඩම් යවපු විඩියෝ අධිකරණයට දෙන්න- මහේස්ත්‍රාත් අධිකරණය

හිටපු සෞඛ්‍ය අමා​ත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීම සම්බන්ධයෙන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ...

සනත් නිශාන්තගේ බිරිඳත් මහින්දට ‘මයිනා’ කියලා

මහින්ද රාජපක්ෂ නමැති යුහ චරිතය ' මයිනා' නමින් සමාජයේ ගැරහීමට පාත්‍ර වූයේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට බව හිටපු අමාත්‍ය, සනත් නිශාන්තගේ බිරිඳ වන චමරි...