30 C
Colombo
Monday, March 20, 2023

2021 කෙරෙන, පුදුම හිතෙන අභ්‍යවකාශ මෙහෙයුම් පහක්

- Advertisement -

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය

මේක, මනුෂ්‍ය ඉතිහාසය වෙනස් කරන මෙහෙයුමක්. අපි හැමදාම හෙව්වේ මේ විශ්වයේ අපි තනිවෙලාද කියලයි. තව අය ඉන්නවාද කියලයි. පෘථිවිය වගේ තව ග්‍රහලෝක විශ්වයේ තියෙනවාද කියලයි. විශ්වයේ රහස් මොනවාද කියලයි.

ඒත්, අපට හැමදාම තිබුණු සීමාව තමයි, අභ්‍යවකාශයේ බලන්න පුළුවන් දුර සීමා වීම. අපට දැන් තියෙන හබල් වගේ දුරේක්ෂවලට බලන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කියන්නේ දැන් තියෙන ඔක්කොම දුරේක්ෂවලට වඩා ඈත බලන්න පුළුවන් අභ්‍යවකාශ දුරේක්ෂයක්. හබල් දුරේක්ෂය වෙනුවට ආදේශකයක්.

මේක හදලා ගොඩක් කල්. සැලසුම් පටන්ගත්තේ 2007 දී. ඒත්, කාලයක් තිස්සේ නාසා ආයතනයට යවාගන්න බැරි වුණා. හදන්න ගිය වියදම ඩොලර් බිලියන 10ට වැඩිලු. මේක යැව්වාම සමහර මන්දාකිණි හැදුණ හැටි බලන්න පුළුවන්. ඈත තියෙන ග්‍රහලෝක බලන්න පුළුවන්. පෘථිවිය වගේ ග්‍රහලෝක හොයාගන්නත් පුළුවන්. 2021 ඔක්තෝබර් 31 වැනිදා යුරෝපියන් රොකට්ටුවකින් මේක දියත් කරනවා.

අඟහරු මෙහෙයුම්

2020 කොවිඩ් කාලය අස්සේත අඟහරු මෙහෙයුම් නතර වුණේ නැහැ. පෘථිවියෙන් යානා තුනක් යැව්වා. ඒවා මේ අවුරුද්දේ අඟහරුට සැපත් වේවි. පෙබරවාරි 09 වැනිදා එක්සත් රාජධානියේ හෝප් මෙහෙයුම අඟහරු වටේට කක්ෂගත වේවි. ඒකෙන් අඟහරුගේ වායුගෝලයයි, කාලගුණයයි බලනවා. ඊට ටික දවසකට පස්සේ චීනයේ ටියන්වෙන්-1 යානය කක්ෂගත වේවි. එයාලානම් ගොඩබහින්නත් සැලසුම් කරලා ඉන්නවා. පෙබරවාරි මාසයේදීම නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමත් ගොඩබහීවි. ඒ මෙහෙයුම එක්ක ගිය පර්සවියරන්ස් කියන රෝවර් එක පෙබරවාරි 18 වැනිදා ගොඩබහින්න නියමිතයි. පර්සවියරන්ස් එකේ මෙහෙයුම්වලින් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අඟහරුගේ කවදාම හරි ජීවය තිබුණාද කියලාත් එයාලා බලනවා.  ඒ කියන්නේ ක්ෂුද්‍රජීවීන් විදියටවත් ජීවය තිබුණාද කියා.

ආටෙමිස් 1

2024 දී නාසා ආයතනය හඳට ගගනගාමීන් යවන්නයි ඉන්නේ. මෙදා පාර යවන්නේ නතර වෙන්න කියලත් එයාලා කියනවා. මේ වැඩසටහනේ පටන්ගැනීම, ඒ කියන්නේ මෙහෙන් යන අයට නතර වෙන්න නවාතැන් සකසන වැඩකටයුතු මේ අවුරුද්දේ පටන්ගන්නවා. මිනිසුන් නැති යානයක් නොවැම්බර්වල යවනවා. ඒත්, ඇමෙරිකාවෙ ජනාධිපතිකමට ජෝ බයිඩන් ආවට පස්සේ මේ මෙහෙයුම් කොච්චර දුරට කල් යයිද කියලා දැන්ම කියන්න බෑ. එහෙම වුණොත් ආටෙමිස් මෙහෙයුම කල්යාවි.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය

ඇමෙරිකාව බල බලා හිටියාට චීනය නං නතර වෙන එකක් නෑ. මොකෝ, ඒ රටේ ආණ්ඩු මාරු වෙන එකක්යෑ. ඔවුන් කාලයක් තිස්සේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සැලසුම් කරමින් හිටියා. අවුරුදු දෙකක් තිස්සේ බඩු හැදුවා. මේ අවුරුද්දේ මුල් භාගයේ ඒක අභ්‍යවකාශයට යවයි. ඒක පෘථිවියට කිලෝමීටර් 380ක් විතර ඈතින් අභ්‍යවකාශයේ නතර වෙන්න ඉන්නවා. එයාලා ගගනගාමීන් 18 දෙනෙක් වැඩේට තෝරාගෙනලු ඉන්නේ.  

ඩාර්ට් මෙහෙයුම

ඩාර්ට් කියන්නෙත් ලේසි පහසු මෙහෙයුමක් නෙවෙයි. එකට ගමන් කරන ග්‍රාහක දෙකක පාර වෙනස් කරන මෙහෙයුමක්. ඒ ග්‍රාහක දෙකේ නම් ඩිඩිමොස්, ඩිමොර්පොස්.  2022 දී එහේට යාවි. 2021 දී මෙහෙන් පිටත් වේවි. මේක හෙන වැදගත් මිෂන් එකක් වෙන්නේ මෙහෙමයි. අනාගතයේ කවදාහරි උල්කාවක් ඇවිත් පෘථිවියේ වැදිලා, පෘථිවියට ලොකු විනාශයක් වුණොත් අපි ඉඳලා හමාරයි. ඒ නිසා අපි දැනගන්න ඕනෑ පෘථිවිය දිහාට එන උල්කාපාතයක් තිබුණොත්, ඒක එන ගමන් මාර්ගය වෙනස් කරන්නේ කොහොමද කියලා. පෘථිවිය බේරාගන්න පුළුවන් වෙන්නේ එතකොට. මේ මිෂන් එකේ අරමුණ ඒ විදියට යානයක් යවලා, උල්කාවක වද්දලා, ගමන් මාර්ගය වෙනස් කරන එක. ඒක අත්හදාබැලීමක්. මේ මෙහෙයුමෙන් අපි ඉගෙනගන්න දේවල් අනාගතයේ පෘථිවියේ ආරක්ෂාවට උදව් වේවි.

RECENT ARTICLES - SINHALA

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.