31 C
Colombo
Saturday, June 10, 2023

2024 සමගි ජනබලවේග රජයකින් කොරෝනා ව්‍යාප්ත කළ අයව සොයනවා

- Advertisement -

වගකීම් විරහිත ලෙස හැසිරෙමින් රට තුළ කොවිඩ් ව්‍යාප්තිය ඇති කළ අය ගැන සෙවීමට 2024න් පසු බලයට එන සමඟි ජන බලවේග රජයක් යටතේ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඒ,අද (19) විපක්ෂ නායක කාර්යලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

මේ වන විට කොවිඩ් මරණ අනුපාතය ගත විට ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය වැඩි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”පසුගිය සතියේ මිලියනයකට සිදු වුණු කොවිඩ් මරණ අනුපාතය ලංකාවේ 2.39යි. ඒ වගේම ඔබ දන්නවා ඉන්දියාවේ පසුගිය සතියේ මිලියනයකට සිදු වුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 2.38යි. ඒ කියන්නේ ලංකාවේ මේ වන විට කොවිඩ් මරණ ප්‍රතිශතය ඉන්දියාවෙත් ලංකාවෙත් ජනගහණයත් එක්ක බැලුවහම වැඩි වීමක් තියෙනවා ලංකාවේ. ඒ වගේම එක්සත් රාජධානියේ මිලියනයකට සිදුවන කොවිඩ් මරණ අනුපාතය ගත්තොත් 0.13යි. නවසීලන්තයේ 0.00යි. මාසෙක කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත්තත් මේ රටවල් අතරින් ලංකාව ඉහළම ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි රටක් හැටියට දුක් වෙන්නට අවශ්‍යයි මේ වෙලා තියෙන අකරතැබ්බත් එක්ක. සමහර වෙලාවට මිනිස්සු කතා කරනවා මේ අය කොවිඩ් ගෙන්න ගත්තද රටට කියල. වගකීම් විරහිතව වැඩ කරපු,වගකීම් අතහැරපු මේ තත්ත්වයට රට පත් කරපු අය පිළිබඳව සොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන්නට අවශ්‍යයි 2024න් පස්සේ බිහිවෙන සමඟි ජන බලවේගයේ රජයක් තුළ කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා.”

මේ අතර කොවිඩ් දත්ත හරිහැටි වාර්තා වීම ගැනද සැකයක් පවතින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සංචරණ සීමාද ක්‍රියාත්මක වන්නේ වචනවලට පමණක් වන අතර පාරට පැමිණ බලන විට සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු බලාගත හැකි බවද ඔහු සඳහන් කළේය.

අවසානයේදී මේ රැවටීමෙන් වන්දි ගෙවන්නට වෙන්නේ ද රටේ ජනතාවටම බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...