33 C
Colombo
Friday, May 3, 2024

රුපියල් බිලියන 206ක සුබ සාධන ජුලි මස 1 වනදා සිට

- Advertisement -

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.

2002 අංක 24 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව,
*සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව
*ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය
*යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය
යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ගැසට් පත්‍රයේ පළකර අදාළ ප්‍රතිලාභ දීමනා ගෙවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වනවා.

මේ අනුව ක්‍රියාත්මක කළ යුතු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් පිළියෙළ කිරීමට මාර්ගෝපදේශ ලබා ගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර තිබෙනවා.

එම තාක්ෂණික කමිටු වාර්තාවෙන් අනතුරුව වාර්තාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගෙන දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්ක කිරීමට සැලසුම් කෙරෙනු ඇති.

තවද මේ වන විට ප්‍රතිලාභ ලබන වෙනත් තැනැත්තන් හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.

මෙම යෝජිත සුබසාධන ප්‍රතිලාභ රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වාර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සජිත් සහ නෝර්වේ තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී...

තල්මසුන් මැරීමේ ජාවාරමක මහ මොළකරු කොටු වෙයි

ශ්‍රී ලංකාව අවට මුහුදේ වෙසෙන දුර්ලභ ගණයේ තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර රුපියල් කෝටි ගණන් මුදලට විකුණනු ලබන ජාවාරමක මහ මොළකරු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...