32 C
Colombo
Friday, April 19, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21ක් නිරෝධායනයට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර  ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිතයන් හදුනාගත් බවය.

කොවිඩ් ආසාදනය වී සිටින රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ජනවාරි 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

ඒ අනුව ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ද සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...