30 C
Colombo
Saturday, December 4, 2021

සූරියවැවේ ගොවීන්ගෙන් ආණ්ඩුවට පැය 24 ක් – කැබිනට් යෝජනාව සම්මතයි !

- Advertisement -

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව අද (23) යළිත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ මාරාන්තික උපවාසය හෙට (24) දින පස්වරු 12 දක්වා කල් දමා තිබේ.

චමල්ගේ පොරොන්දුව

සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී පසුගිය ජනවාරි 18 දා ගොවි සංවිධාන 84 ක් ඒකාබද්ධව මීට අදාළ සත්‍යග්‍රහය ආරම්භ කරන ලදි. ඉන්පසු ජනවාරි 20 දා ගොවීන් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද අතර, ජනවාරි 23 දා එය අවසාන කරන ලදි. ඒ මේ අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ වන ඉඩම්වලින් බහුතරයක් අයත් වන මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ විසින් මේ ගැටළුව මාසයක් තුළ විසදන බවට පොරොන්දුවක් ලබාදීමෙන් පසුව ය.

කැබිනට් අනුමැතිය

එහෙත් ගොවීන් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන ආ අතර, ඊයේ (22) දිනයේ ඔවුහු අගමැති මහින්ද රාජපක්ෂ සහ වනජීවී විෂය භාර කැබිනට් ඇමති සී.බී.රත්නායක මුණගැසී මීට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන ලෙස බලකරන ලදි. ඉන්පසු ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සී.බී.රත්නායක ඇමතිවරයා විසින් මීට අදාළ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර, එය සම්මත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
…………………………………..
(කැබිනට් තීරණ – 4)

නිල දැනුම්දීමක් අවශ්‍යයි

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීම නිසා යළිත් මාරාන්තික උපවාසය ආරම්භ කිරීම හෙට දිනය දක්වා කල්දමන බවත්, අදාළ ගැසට් නිවේදනය හෝ නිල දැනුම්දීමක් කිරීමට හෙට දක්වා ආණ්ඩුවට කාලය ලබාදෙන බවත් වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා පැවසීය.

චමල්ගේ විරෝධය

කෙසේ වෙතත් මහවැලි විෂය භාර කැබිනට් ඇමති චමල් රාජපක්ෂ මුල සිටම පවසා තිබුණේ මේ අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට ඉඩ නොදෙන බවත්, ආයෝජන ව්‍යාපෘති සදහා ඉඩම් ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් ය.

දින 37 ක සටනක්

දින 37 ක් තිස්සේ ගොවීන් එක්ව මේ සත්‍යග්‍රහය සහ මාරාන්තික උපවාසය පැවැත්වූ අතර, අලින් වෙනුවෙන් අලින්ට ඉඩම් වෙන්කරදෙන ලෙස ඉල්ලා මිනිසුන් විසින් මේ විරෝධතා පැවැත්වීම විශේෂත්වයකි.

RECENT ARTICLES - SINHALA

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය...

ත්‍රිකුණාමලය වරාය අමතක කළේ ඇයි? – ජර්මනිය අසයි

0
ස්වාභාවික ගැඹුරු වරායක් වන ත්‍රිකුණාමලය වරාය මෙරට සංවර්ධන මහා සැලැස්මේ විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වන බව ශ්‍රී ලංකාවේ ජර්මන්...

දැරියක් අපහරණය කළ චූන්පාන් වෙළෙන්දා අත්අඩංගුවට

0
වයස අවුරුදු 15 ක් පමණ වයසැති පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන 'චූන් පාන්' වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan tortured to death by mob in Pakistan

0
A mob in Sialkot on Friday tortured a man to death before burning his body, while a heavy contingent of police has...

President leaves for Abu Dhabi to attend the Indian Ocean Conference

0
President Gotabaya Rajapaksa left the country today (03) to attend the Indian Ocean Conference (IOC) to be held in Abu Dhabi, the...

Breaking: First Omicron patient detected in Sri Lanka

0
Sri Lanka detected first COVID-19 patient with newly discovered Omicron varient, Health Promotion Bureau said, a short whie...