28 C
Colombo
Saturday, July 27, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව 25කට අධිචෝදනා

- Advertisement -

පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන 8කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරමාලව සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

මෙලෙස අධිචෝදනා ගොනුකරනු ලැබු සැකකරුවන් අතර ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ප්‍රමුඛ ස්වයං ඝාතන බෝම්බකරුවන්ගේ සමීපතමයින් වූ නවුෆර් මවුලවි, සාජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, මොහොමඩ් සනස්ඩීන්, මොහොමඩ් රිස්වාන්, ගෆූර් මාමා නොහොත් ආදම් ලෙබ්බේ ඇතුළු සැකකරුවන් 25 දෙනෙකුවනවා.

අදාළ සැකකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ විධිවිධාන ප්‍රකාරව චෝදනා 23270ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ කුමන්ත්‍රණය කිරීම, මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, සැලසුම් කිරීම, ආධාර අනුබල දීම, පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි රැස් කිරීම ආදි චෝදනා යටතේයි.

එසේම එම චෝදනා ගොනු කිරීමේදි 2019 අප්‍රේල් 21 වන දින කොළඹ කිංස්බරි, ෂැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ්, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල ට්‍රොෆිකල් ඉන් ලැගුම්හල, දෙමටගොඩ ඊබ්‍රාහිම් නිවස යන ස්ථාන 08 හි සිදුවූ පිපිරීම් 10ට අදාළව සිදුකරනු ලැබූ දිර්ඝ විමර්ශනයන් මෙන්ම එම පිපිරීම් හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට සිදුවූ අලාභයන් ආදි ක්ෂේත්‍ර රැසකට අවධානය යොමුකළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරමින් මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එසේම මෙම අධිචෝදනා විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසටද නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...