27.2 C
Colombo
Wednesday, June 19, 2024
spot_img

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

- Advertisement -

කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

අද (18) සවස 4.00 පමණ එම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය සැක පළ කරනුයේ, නුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වු පෞද්ගලික බස් රථයේ අධික වේගයත්, අපරික්ෂාකාරි ලෙස වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමත්, නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

තුවාලකරුවන් කෑගල්ල මහ රෝහලට සහ තොරනගහපිටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව පිංදෙනිය පොලීසිය පවසනවා.

අනතුරට පත් එක් බස් රථයක රියදුරෙක්ගේ තත්ත්වය බරපතළ වන අතර, අනෙක් රෝගියා කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ජපාන​යේ බැක්ටීරියා ආසාදනය ගැන මෙරටට පණිවිඩය​ක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. streptococcal toxic shock syndrome ලෙස...

සමීක්ෂණ කරලා තමයි රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ – අකිල

ජයග්‍රහණය කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහ​තා ඡන්දයට ඉදිරිපත් නොවන බවට ඇතැමු​න් ප්‍රකාශ කළද ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උප...

පක්ෂ ඔක්කො​ම 69 ලක්ෂය බෙදාගන්න පොරකනවා- ශාන්ත බණ්ඩාර

පුද්ගලයින් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතහැර ගියද 69 ලක්ෂය පක්ෂය අතහැර නොයන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහ​තා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, සියලුම දේශපාලන පක්ෂ...

POPULAR ARTICLES

වනිඳුගෙන් දැඩි තීරණයක්

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ...

ගුරුවරුන්ට අධ්‍යාපන ඇමතිගෙන් පණිවිඩයක්

සියලු‍ පාසල් ඩිජිටල්කරණය කර එකම ජාලයකට ගතහොත් සමස්ත විෂය පාඩම් එක තැනක සිට දරුවන්ට ඉගැන්විය හැකි වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ ගෙවන පර්යන්තයෙන් එළියට ඇවිත්

20යි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා. එහිදී මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා T20 ක්‍රිකට්...