31 C
Colombo
Saturday, May 18, 2024

පාඩු ලබන ජල සම්පාදනයේ සේවකයින්ට කෝටි 27ක දීමනාවක් ගෙවලා

- Advertisement -

ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 320ක පාඩුවක් ලබා තිබියදී එහි සේවකයන්ට ඵලදායිතා දිරි දීමනාව ලෙස රුපියල් කෝටි 27ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ රජය සතු ව්‍යවසායන් සඳහාවූ මෙහෙයුම් අත්පොතේ ඡේද අංක 5.1 අනුව ප්‍රසාද දීමනා හෝ දිරිදීමනා ගෙවිය යුත්තේ ඒකාබද්ධ අරමුදලට බදු සහ ලාභය බෙදා හැරීමෙන් පසුව පමණක් බව සඳහන් වන නමුත් ඊට පටහැනිව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම දිරි දීමනාව ගෙවා ඇති බව එම වාර්තාවෙ සඳහන් වනවා.

මේ අතර, අධ්‍යන නිවාඩුව අවසන් වීමෙන් පසු මණ්ඩලයට අඛණ්ඩව සේවය සැපයීමට නොහැකි වූ නිලධාරීන්ගෙන් ඔවුනගේ ශිෂ්‍යත්ව සඳහා කරන ලද වියදම් වල වටිනාකම මණ්ඩලයට ගෙවා නොතිබූ බවද වාර්තාව සඳහන් කරනවා.

එම වියදම් වල වටිනාකම රුපියල් දෙකෝටිය ඉක්මවා ඇති බවද වාර්තා වනවා.

තවද ජාතික විගණන කාර්යාලය පැවසුවේ, පසුගිය 2021 සහ 2012 වර්ෂ වල කොන්ත්‍රාත් පදනම මත සේවකයන් 176ක් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගෙන නොතිබූ අතර එම සේවකයන් සඳහා 2022 ජුලි මස 31 වැනිදා දක්වා වැටුප් හා දීමනා වශයෙන් කෝටි 21ට වැඩි මුදලක් ගෙවා තිබූ බවයි.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...