29 C
Colombo
Tuesday, April 23, 2024

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් 29 ක් මරුට

- Advertisement -

තුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඊයේ (02) ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ඉස්තාන්බුල් නගරයේ තට්ටු 16 කින් සමන්විත ඉතා උස ගොඩනැඟිල්ලක පහළම මාලයේ පිහිටා ඇති ‘ද මස්කෙරේඩ්’ නැමති මෙම සමාජ ශාලාව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

කෙසේවෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

එමෙන්ම මෙම ගින්නෙන් විපතට පත් වු පුද්ගලයන් එම ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලුණු සේවකයන් බවට තහවුරු වී ඇතැයිද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම ගින්න සම්බන්ධයෙන් සමාජ ශාලාවේ කළමණාකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඉරාන ජනපති හෙට ලංකාවට

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්...

ඉන්දීය සංචාරකයන් ගෙන්වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්

ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික...

කෙරවලපිටිය –නුගපේ විදුලි රැහැන් ඉදිකිරීමට තිබූ බාධා ඉවතට

2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...