28 C
Colombo
Thursday, May 30, 2024
spot_img

ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ සිටි 29 ක් අත්අඩංගුවට

- Advertisement -

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර  භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් සිටින බවද වාර්තා වෙනවා.

මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉන්දියානු ආධිපත්‍යවාදය, භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර තිබුණා.

පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කළා.


RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...