31 C
Colombo
Saturday, July 27, 2024

ගංගුලිගේ හෘදයාබාධයෙන් ‘අදානි’ දැන්වීම නවතී

- Advertisement -

ඉන්දීය අදානි සමාගමේ සන්නාම තානාපතිවරයකු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සවුරවු ගංගුලිට හෘදයාබාධයක් වැළඳීමෙන් අනතුරුව ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීම් විකාශනය නතර කිරීමට අදානි සමාගම කටයුතු කර ඇත.

විකාශය නතර කර ඇත්තේ ෆෝචූන් සන්නාමය යටතේ වෙළෙඳපොලට නිකුත් කෙරෙන නිවුඩු සහලින් සැකැසෙන්නේ යැයි කියන ආහාර පිසින තෙල් වර්ගයක වෙළෙඳ දැන්වීම්ය.

ශරීරයට අවශ්‍ය මේදය රඳවා තබා ගනිමින් රුධිරයේ කොලොස්ටෙරෝල් මට්ටම පාලනයට මෙම තෙල් සුදුසු යැයි සඳහන්ය.

කෙසේ වෙතත් 48 හැවිරිදි සවුරවු ගංගුලිගේ ධමනි තුනක සියයට 70 ක පමණ කොටසක් අවහිර වීමෙන් පසුව කල්කටාවේ රෝහලකට ඔහු ඇතුලත් කර ඇත.

සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ අදානි සමාගම ඉලක්ක කරගෙන විවිධ අදහස් පලවීම සමග අදාළ වෙළෙඳ දැන්වීම ඉවත්කරගැනීමට සමාගම තීරණය කර තිබේ.

ආහාර චක්‍රයේ හා ප්‍රවේණියේ ප්‍රශ්න සමග ද හෘදයාබාධ ඇති විය හැකි යැයි ද සවුරවු ගංගුලි නැවතත් ඉක්මනින්ම සිය සමාගමේ සන්නාම ප්‍රවර්ධනයට එක්වනු ඇතැයි ද අදානි පාලකයෝ පවසති.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...