25 C
Colombo
Sunday, May 12, 2024

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

- Advertisement -

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් සහ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 හා 32 යන වයස පසුවන කාන්තාවන් දෙදෙනෙක්.

එහිදී පොලීසිය සොයාගෙන ඇති ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි ප්‍රමාණයේ බර කිලෝ 4 ඉක්මවන බව පොලීසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කිලිනොච්චි කඳවුරේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවත් සදහන් වනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ විභා​ග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් අත්අඩංගුවට

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් වෙත මුදාහැරීම සම්බන්ධයෙන් විභාග මධ්‍යස්ථානයක සුපරීක්ෂකවරියක් ද අද (12) පොලීසිය විසින් අත්අඩංගුවට...

සාමාන්‍ය පෙළ විභාග​යේ ඉදිරි කටයුතු ගැන නිවේදනයක්

මේ දිනවල පැවැත්වෙන 2023(2024) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් ඇති විය හැකි ආකාරයේ බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල්...

සපුගස්කන්දට අකු​ණු සැර ව​දි​යි

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු​වේ ගෑස් සපයන නලයකට අද (12) පස්වරුවේ, අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගෙන තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග අද පස්වරු 4.30ට පමණ...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...