26 C
Colombo
Sunday, May 19, 2024

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට එරෙහිව පෙත්සම් 3ක්

- Advertisement -

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබෙනවා.

බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන විදුර රැළපනාව, මාධ්‍යවේදීනී රුවනි ෆොන්සේකා සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, එහි නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබූ ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, දූෂණ විරෝධී පනතේ 19 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කරනු ලබන පුද්ගලයා නීතිඥයෙකු විය යුතු අතර ඔහුට අපරාධ නඩු කටයුතු මෙහෙයවීම පිළිබඳව වසර 15ක පලපුරුද්දක් තිබිය යුතු බවයි.

මේ වන විට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත්කර සිටින විජයරත්න මහතා අධිකරණ නිලධාරියකු වුවද ඔහු එම මූලික සුදුසුකම සපුරා නොමැති බවත් පෙත්සම්වලින් පෙන්වා දී ඇති අතර, මෙම නව පත්කිරීම සිදුකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථදායක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී තිබෙන වගකීම නිසියාකාරව ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව, අදාළ පත්කිරීම තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට තිබෙන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ විජේරත්න මහතා එම ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...