32 C
Colombo
Saturday, March 25, 2023

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

- Advertisement -

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අරගලකරුවන් විනාශ කළ තනි තට්ටුවේ නිවාස තට්ටු දෙකේ නිවාස ලෙසත් තට්ටු දෙකේ නිවාස තට්ටු තුනේ නිවාස ලෙසත් සකස් කර ලබාදිය යුතු බවට වජිර අබේවර්ධන මහතා යෝජනා කරන්නේ.

මහජන නියෝජිතයන් මරා දැමීම, ඔවුන්ගේ දේපළ විනාශ කිරීම, ගිනි තැබීම කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත්, මෙවැනි ක්‍රියාවල නිරත වන ම්ලෙච්ඡ අදහස් සහිත පුද්ගලයන් පාලනය කළයුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එවැනි ම්ලේච්ඡයන්ගේ කටයුතුවලට වඩා බියෙන් ජීවත්වීමට වඩා මියයාම වඩාත් සුදුසු බව ඔහු පෙන්වා දෙනවා.

මැයි 09 කලහකාරී සිදුවීම් හේතුවෙන් අගතියට පත් දේශපාලනඥයන්ට සාධාරණය ඉටු නොවන්නේ නම් අනාගත පරපුර දේශපාලනයට අවතීර්ණ වීම ප්‍රතික්ෂේප කරනු ඇති බවත්, එසේ වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් වනු ඇති බවත් එජාප සභාපතිවරයා අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...