26 C
Colombo
Saturday, May 18, 2024

චතුරිකාගෙන් බර ඉසිලීමේ නව වාර්තාවක්

- Advertisement -

බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එසවූ වැඩිම බර ප්‍රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්‍රියන්ති ඊයේ (28) සමත් වී තිබෙනවා.

පොළොන්නරුවේ පැවැති ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී ඇය මෙම දක්ෂතාව දක්වා තිබුණා.

එම තරඟාවලියේදී කිලෝග්‍රෑම් 87 කාන්තා බර පන්තියෙන් තරඟ වැදුණු චතුරිකා ප්‍රියන්ති නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට සමත් වුණා.

ඇය ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 90ක් එස්වීමට සමත් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට ඇය එස වූ කිලෝග්‍රෑම් 113ක බර ප්‍රමාණය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුණා.

ඒ අනුව ඇය එසවූ කිලෝග්‍රෑම් 203ක සමස්ත බර ප්‍රමාණයද නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වූ අතර එම බර ප්‍රමාණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බර ඉසිලීමේ ඉසව්වකදී එසවූ වැඩිම බර ප්‍රමාණය ලෙස සටහන් වී තිබුන.

RECENT ARTICLES - SINHALA

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (18) රාත්‍රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණික...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...