30 C
Colombo
Wednesday, May 29, 2024
spot_img

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

- Advertisement -

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම් 30 ක් සිදුව තිබෙන බවත්,මේ නිසා දුම්රිය මාර්ගවලට හානි සිදුව තිබෙන බවත් දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරනවා.

මෙම පීළි පැනීම්වලින් 18 ක් මගී දුම්රිය පීළිපැනීම් බවත්,ඉතිරි 12 දුම්රිය අංගනවල පීළි පැනීම් බව ඔවුන් පවසනවා.

මෙහිදී මගී දුම්රිය පීළිපැනීමට ලක් වූ අවස්ථාවල මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වන බවත්, අදාළ මාර්ගයේ අනෙකුත් දුම්රිය ධාවනයට බාධා සිදුවන බවත් වෘත්තීය සමිති පෙන්වා දෙනවා.

දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ මෙම කාලය තුළ අවසන් වරට මේ මස 13 වන දින දකුණු කළුතර ප්‍රදේශයේදී දුම්රිය පීළිපැනීමක් සිදුවූ බවත්,මේ නිසා දුම්රිය ගමනාගමනයට යම් බාධා සිදුවූ බවයි.

අඩු බරකින් යුත් දුම්රිය එංජින් ධාවනය කිරීමට මෙරට බොහෝ දුම්රිය මාර්ග සකස් කර ඇතත් තාක්ෂණයේ දියුණුවත් සමග සකස් කරන දුම්රිය එංජින් වැඩි බරකින් යුත් බවත්, වැඩි බරකින් යුත් දුම්රිය එංජින් ධාවනය වන විට සමහර ස්ථානවල පීළි දෙක අතර පරතරය වෙනස් වීම සිදුවන බවට වාර්තා වන බවත් පෙන්වා දෙනවා.

ගෙවීගිය කාලයේදී වැඩි වශයෙන් පීළිපැනීම් වාර්තා වන්නේ උඩරට මාර්ගයේ හා මුහුදු බඩ මාර්ගයෙන් නිසා දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීම සිදුනොකළ හොත් ඉදිරියේදී පීළිපැනීම් ඉහළ යා හැකි බැවින් බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බව එම සංගම් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.83ක් ලෙස...

රාජපක්ෂ බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්දෙ තිබ්බා – රාජපක්ෂ

මැතිවරණ කල් දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ (28) දින නෙළුම් මාවතේ රැස්වීමක් අවසානයේදී...

විදුලි බිල සියයට විස්සකින් අඩු කරන්න පුලුවන්

විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළහොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑම...

POPULAR ARTICLES

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...