29 C
Colombo
Sunday, June 4, 2023

කොරෝනා ව්‍යසනය මැද ඉන්දියාවේ වෛද්‍යවරු 3000 ක් ඉල්ලා අස් වෙයි

- Advertisement -

වැඩවර්ජනය කිරීම අත්හිටුවීමේ අධිකරණ නියෝගය ලබාදීමෙන් පසු ඉන්දියාවේ වෛද්‍යවරුන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලා අස්වී තිබේ.

මධ්‍යම ඉන්දියානු ප්‍රාන්තයක් වන මධ්‍ය ප්‍රදේශ්හි මහාධිකරණය බ්‍රහස්පතින්දා කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ සිව් දින වැඩ වර්ජනය “නීති විරෝධී” යැයි කියමින් සිකුරාදා දහවල් වන විට නැවත රාජකාරියට පැමිණෙන ලෙස ඔවුන්ට නියම කළේය.

එහෙත් මධ්‍ය ප්‍රදේශ් හි වෛද්‍යවරු මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ප්‍රකාශ සිදු කර ඇත.

වැටුප් ඉහළ නැංවීම සහ කොවිඩ්-19 ප්‍රතිකාර ඥාතීන් සඳහා නොමිලේ ලබා ගැනීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් වෛද්‍යවරු මෙම වැඩවර්ජනය සිදු කරන ලදී

රාජස්ථාන්, බිහාර්, චට්ටිස්ගාර්, උත්තර් ප්‍රදේශ්, කර්නාටක, තෙලන්ගානා, බිහාර්, මහාරාෂ්ට්‍ර සහ වෙනත් ප්‍රාන්තවල කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ද මේ වන විට වැඩ වර්ජනය සඳහා සහය දක්වා ඇත.

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ වෛද්‍යවරුන් වැඩවර්ජනය කිරීමට ගත් තීරණය හෙළා දැක ඇති අධිකරණය, වෛද්‍යවරුන් සිය රාජකාරි නැවත ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් රජය දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...