දින 07ක සටන් විරාමය අවසන් කරමින් හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් අද (01) යළි ආරම්භ වුණා.
මෙහිදී ඊශ්‍රායල ආරක්ෂක බළකාය විසින් ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන අතර එලෙස එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් පැය 03ක දී ගාසාහි පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සංවිධානය නිවේදනය කර තිබෙනවා.