28 C
Colombo
Saturday, July 27, 2024

හදිසි අනතුරු නිසා දවසකට පුද්ගල මරණ 35ක්

- Advertisement -

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ දස දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුවන බවයි.

රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළා.

“ලංකාවේ රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර ලබන්න එන අයගෙන් වැඩිම ප්‍රමාණයක් ඇතුළත් වෙන්නේ හදිසි අනතුරු නිසා. ඇත්තටම ලංකාවේ ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් හෝ 6 දෙනෙකුගෙන් එක් අයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සෑම අවුරුද්දකම කරගන්නවා. මරණ සංඛ්‍යාව ගත්තහම දළ වශයෙන් අවුරුද්දකට 10,000කට අධික ප්‍රමාණයක් අනතුරු හේතුවෙන් මිය යනවා. ඒකෙන් කියන්නේ දවසකට 32 – 35ක් අතර ප්‍රමාණයක් හැම දවසකම අපිට අහිමි වෙනවා. ඒකෙන් කියන්නේ, හැම පැය 3කට සැරයක්ම අපිට දළ වශයෙන් 4 දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වෙනවා. ආර්ථිකයට ප්‍රධාන ලෙසම දායකත්වය දක්වන අවුරුදු 15 සිට 44 දක්වා වන වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව වන්නේ අනතුරු.”

මේ අතර අප්‍රේල් මාසය තුළ රිය අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව කොළඹ රථ වාහන කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...