28 C
Colombo
Saturday, July 27, 2024

සරසවිය සම්මාන උළෙලේදී ඇගයුණු කලා තරු මෙන්න

- Advertisement -

35 වන ලක්ස් සරසවිය සිනමා උළෙල ඊයේ (28) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

2019 / 2020 යන වසරවල තිරගත වු මෙරට චිත්‍රපට වෙනුවෙන් මෙහිදී අගය කිරීමට ලක් වුණු අතර එහිදී  සම්මාන 64ක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී, 2019 වසරේ හොඳම නළුවා ලෙස බිමල් ජයකොඩි ද හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරි ද සම්මාන දිනා ගත්තා.

සරසවිය සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ නිර්මාණ සහ කලාකරුවන් පහතින්,   

චමත්කා ලක්මිණි හොඳම නවක නිළියයි.

හොඳම සහාය නිළිය ලෙස සම්මාන හිමිකර ගත්තේ චුලක්ෂි රණතුංග.

ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න ද නිළිය ලෙස සෙනාලි ෆොන්සේකා ද සම්මාන හිමිකර ගත්තා.

එම වසරේ හොඳම සිනමාකර්ෂණීය චිත්‍රපටය විජයබා කොල්ලයයි.

හොඳම ගායිකාව උමාරියා සිංහවංශ වන අතර හොඳම සංගීත අධ්‍යක්ෂණය සුමුදු ගුරුගේ.

හොඳම චිත්‍රපටය වෙනුවෙන් දැකලා පුරුදු කෙනෙක් සම්මාන දිනා ගත්තා.

එහි අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමිකර ගත්තේ මලිත් හෑගොඩ.

ඉසුරු ලොකුආරච්චි මෙහිදි කුසලතා සම්මානයක් හිමිකර ගත්තා.

හොඳම ගීත රචනය ලලිත් රත්නායකගෙන්.

එමෙන්ම හොඳම ගායකයා සුනිල් එදිරිසිංහ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් අනුස්මරණ රණතිසර සම්මානය හිමිවුයේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහයන්ටයි.

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය සිරිකහවලයන් හිමිකර ගනිද්දි ජැක්සන් ඇන්තනි වෙනුවෙන් උත්තමාචාරයක් ද පිරිනැමුණා.

2020 වසර වෙනුවෙන් සම්මාන පිරිනැමීම අනතුරුව සිදුවුණා.

එහිදි ද නිවුස් පේපර් චිත්‍රපටය නිෂ්පාදනය වෙනුවෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සම්මාන හිමිකර ගත්තා.

2020 වසරේ හොඳම චිත්‍රපටය ද නිවුස් පේපර්.

හොඳම නළුවා ලෙස කුමාර තිරිමාදුර ද හොඳම නිළිය ලෙස නීටා ප්‍රනාන්දුට ද සම්මාන හිමිවුණා.

වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සුනාමි සම්මාන හිමිකර ගත්තා.

ජනප්‍රියම නළුවා කලණ ගුණසේකර වන අතර ජනප්‍රියම නිළිය දිනක්ෂි ප්‍රියසාද්.

ලක්ස් ජනප්‍රිය නිළිය ශනුද්‍රි ප්‍රියසාද්.

ලක්ස් ජනප්‍රිය නළුවා හේමාල් රණසිංහ.

හොඳම ගායිකාව නන්දා මාලනි වන අතර හොඳම ගායකයා හර්ෂණ දිසානායකයි.

හොඳම ගීත රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න.

හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය චින්තක ලක්මාල් ජයකොඩි හිමිකර ගත්තා.

හොඳම කලා අධ්‍යක්ෂණය කුමාර කරවිදෙණිය.

හොඳම අධ්‍යක්ෂණය විසාකේස චන්ද්‍රසේකරම්.

2019 හොදම සහාය නිළිය චුලක්ෂි රණතුංග.

හොදම සහාය නළුවා ලෙස ලක්ෂ්මන් මෙන්ඩිස් සම්මාන හිමි කර ගත්තා.

2020 හොදම සහාය නිළිය නදී කම්මැල්ලවීර.

හොදම සහාය නළුවා මයුර කාංචන පෙරේරා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...