31 C
Colombo
Saturday, July 27, 2024

අධික වර්ෂාව සහ අකුණු අනතුරුවලින් පාකිස්තානයේ 39ක් මරුට

- Advertisement -

නිරිතදිග පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මඟින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් තිරිඟු අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව සඳහන් වෙනවා.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී පවතින අතර ඒ හෙතුවෙන්  විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම හේතුවෙන් පකිස්ථානය මේ දිනවල බරපතළ ලෙස ඉහළ ගොස් ඇති කාලගුණික අනතුරුවලට මුහුණ පා සිටිනවා.

2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මඟින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබුවා.

එමෙන්ම 2022 වසරේදී ගංවතුරෙන් පීඩාවට පත් වූ කයිබර් පක්තුන්ක්වා සහ බලුකිස්තාන් ඇතුළු සමහර ප්‍රදේශවලට මෑත කාලයේදී හට ගත් කුණාටු හේතුවෙන් නැවතත් බලපෑම් එල්ල වෙමින් පවතින බවද වාර්තා වෙනවා.

පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව ඉදිරි දිනවලදී  වර්ෂාපතනයේ තවදුරටත් වැඩි වීමක් අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් නායයෑම් සහ හදිසි ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...