31 C
Colombo
Saturday, July 27, 2024

වරායට හො‍රෙන් රිංගන්න ගිය චීන ජාතිකයෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

- Advertisement -

කොළඹ වරායට අනවසරයෙන් පුද්ගලයින් හතරදෙනෙකු රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ වරාය තුළ කොළඹ වරාය නගරයට ඇතුළුවීමේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ශ්‍රමිකයන් 4ක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව‍යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

වරාය නගරය සහ කොළඹ වරාය අතර, ඉදිකරමින් පවතින අධිවේගී මාර්ගයේ කටයුතු සඳහා මිනිස් ශ්‍රමය සපයන සමාගමක හිමිකරුවෙකු වන මෙම චීන ජාතිකයා විසින් පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව්දෙනෙකු වරාය නගරයට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී විමලධර්ම ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් 5 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් වරායට පුද්ගලයන් ඇතුළුවීමෙදී අනුගමයනය කළ යුතු ක්‍රමවේද ඇති බවත් බලපත්‍ර ලබාගැනීමකින් තොරව මෙසේ ඔවුන් අනවසරයෙන් වරායට ඇතුළුවී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වෙරළබඩ පොලීසිය වෙත භාරදී ඇති බවත් සැකකරුවන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...