32.3 C
Colombo
Wednesday, February 28, 2024

බෝට්ටුවෙන් මෙරටට ආ ප්‍රංශ ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

- Advertisement -

ආගමන විගමන පණත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරය ඔස්සේ වැලිගම මිරිස්ස මුහුදු තීරයට ඇතුළු වූ රුවල සහිත යාත්‍රාවක් සමග ප්‍රංශ ජාතිකයන් හතරදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කපිතාන්වරයා, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කපිතාන්වරයාගේ බිරිඳ ඒ අතර වන බව සඳහන්.

දින 07 කට පෙර ප්‍රංශයේ සිට පැමිණ ඇති මොවුන් යාත්‍රාවේ ඉන්ධන අවසන් වී ඇතැයි සඳහන් කරමින් ඉන්ධන ලබාගැනීමේ අරමුණින් වැලිගම මිරිස්ස ධීවර වරාය වෙත ගමන් කර තිබෙනවා.

එහිදී මිරිස්ස වෙරළාරක්ෂක බලකා කඳවුරේ නිලධාරීන් විසින් වයස අවුරුදු 67ත් 80ත් අතර වන මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදේශිකයන් ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීම නීති විරෝධී වන අතර මෙම පිරිස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

පොලිස් බලතලවලට අත නොතියා බලය බෙදනවා – ජනපති

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. "සංහිඳියාව සඳහා ආගම්'' යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී...

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයෙන් තීරණයක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට...

කිඹුලාපිටියේ රතිඤ්ඤා මඩුවක සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් මරුට

කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ ගිණිකෙළි නිෂ්පාදන කරනු ලබන ස්ථානයක පසුගියදා හටගත් ගින්නකින් තුවාල ලබා සිටි පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පසුගියදා (26) සවස ඇති වූ මෙම...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...