31 C
Colombo
Sunday, April 2, 2023

තවත් 4 ක් TID අත්අඩංගුවට

- Advertisement -

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවත් පුද්ගලයින් සිව් දෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයන් වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් හා පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙක්.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරි බවට පැවසෙනවා.

ඒ අනුව සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇ.ති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.‍

මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට ඇති බවත් එහිදී මොවුන් විසින් ‘වන් උම්මා’ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් කටාර් රාජ්‍යයේ සිට අන්තවාදී මතවාද ප්‍රචාරය කර තිබෙන බවත් පොලීසිය කරන ලද දැනුම්දීමටක අනුව පසුගිය නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට එවා ඇති බවත් අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම 2018 වසරේ අවසන් කාලයේ දී මූතූර් ප්‍රදේශයේ දී අන්තවාදී පන්ති පවත්වාගෙන යෑමට පහසුකම් ලබාදීමේ චෝදනාව මත ඊයේ (31) දිනයේ දී තවත් පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මූතූර් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හා 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

අත්අඩංගුවට පත් පුද්ගලයින් සිව්දෙනා ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...