28 C
Colombo
Monday, May 20, 2024

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

- Advertisement -

අධික උණුසුමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා මහතා පවසනවා.

පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණා.

විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා මහතා පවසා ඇත්තේ ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙසේ මියගිය හතරදෙනාම වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

ඩයනා අතුරුදන්

විදෙස් ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර ඇති ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන...

ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් 4ක් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද්...

මත්පැන් සමාගම් වලින් රජයට තවත් කෝටි 700ක පොල්ලක්

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට තවත් රුපියල් කෝටි 700ක පමණ සුරාබදු ආදායමක් ලැබීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. මීට ඉහතදී සුරාබදු...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...