28 C
Colombo
Monday, June 24, 2024
spot_img

ඩයනා අතුරුදන්

- Advertisement -

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා.

මේ අතර, විදෙස් ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර ඇති ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තාකර තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 08 වන දින තීන්දු කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, වග උත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේ ද කරුණු තහවුරු වූ බවයි.

එසේ ම, ඩයනා ගමගේ තම ශ්‍රී ලාංකික පුරවැසිභාවය අධිකරණය හමුවේ ඔප්පු කිරීමට අසමත් වී ඇති බව ද විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

පාසල් අනධ්‍යන සේවකයින් ලෙඩ වෙලා

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන...

කන්න බැරි හාල් කිලෝ තිස්දාහක් බෙදන්න ගිහින්

අඩු ආදායම්ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව...

ගාසා ළමා අරමුදලට කාත්තන්කුඩියෙන් රුපියල් කෝටියක්

ගාසා තීරයේ ගැටුම් පිළිබඳ ශ්‍රි ලංකාවේ ස්ථාවරත්වය කිසි විටෙකත් වෙනස් නොවන බවත්, වසර 05ක් තුළ පලස්තීන රාජ්‍ය පිහිටුවිය යුතුය යන්න ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...