24 C
Colombo
Thursday, February 20, 2025

වාහන 400ක් හොරෙන් ලියාපදිංචි කරලා

- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 05 දෙනෙකු ඇතුළුව 07 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාසනය නොකළ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම හරහා රජයට විශාල පාඩුවක් සිදුවීම සම්බන්ධයෙන්.

මෙලෙස නිෂ්කාසනය නොකළ මෝටර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් එම දෙපාර්තමේන්තුව ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඉන් වාහන 156ක් පිළිබඳව නිශ්චිත තොරතුරු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙන අතර ඉන් බොහෝමයක් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන බව අදාළ නිවේදනයේ සඳහන්.

එසේම මෙම වාහන වසර ගණනාවක් ප්‍රමාද වී ව්‍යාජ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම නිසා එම කාලසීමාවට අදාළව විශාල බදු මුදලක් රජයට අහිමි වි තිබෙනවා.

අධිකරණය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කර තිබෙන්නේ ඉහත වාහන අතරින් වාහන 07ක් වර්තමාන අයිතිකරුවන්ගෙන් ලබාගෙන ශ්‍රී ලංකා රේගුව වෙත භාරදෙන ලෙසයි.

ඒ අනුව ඉන් වාහන 06ක් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිය භාරයට ගෙන ඇති අතර ඉන් වාහන 05ක් ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES