27 C
Colombo
Saturday, March 22, 2025

නිෂ්කාශනය ප්‍රමාද වූ ඖෂධ බහාලුම් 41ක් කොළඹ වරායේ

- Advertisement -

මෙරටට ආනයනය කළ ඖෂධ කන්ටේනර් 41ක් නිෂ්කාෂණ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායේ රැඳවා තිබෙනවා.

වෛද්‍ය සැපයුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අඩි 20ක් දිග බහාලුම් 22ක් සහ අඩි 40ක් දිග බහාලුම් 19ක් නිෂ්කාෂණය කර ගැනීමට ඇති බවයි.

විවිධ රටවලින් ආනයනය කරන ලද ඹෟෂධ එම බහාලුම්වල ඇතුළත් වන අතර, ඉන් ඇතැම් ඒවා නිෂ්කාෂණය කර ඇතැත් මෙතෙක් වෛද්‍ය සැපයුම් අංශයට ගෙනවිත් නොමැති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහිපාල මහතා කියා සිටියේ, සාම්පල් පරීක්ෂා කිරීමේ ප්‍රමාද හේතුවෙන් එම බහාලුම් නිදහස් කර ගැනීම් ප්‍රමාද වී ඇති බවයි.

ලේකම්වරයා සඳහන් කළේ, ලිපිගොනුවල අඩුපාඩු පැවතීමද ඒවා නිෂ්කාෂණය කර ගැනීමට ප්‍රමාද හට ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...