29 C
Colombo
Saturday, July 27, 2024

ටියුනිසීයානු මුහුදේ ගිලී ගිය සංක්‍රමණික බෝට්ටුවේ සිටි 43 ක් මරුට

- Advertisement -

ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුව මුහුදුබත් වීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 43 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව ටියුනීසියානු රතු ක්‍රෙසන්ට් සංවිධානය පවසයි.

ඊජිප්තුව, සුඩානය, එරිත්‍රියාව සහ බංග්ලාදේශය යන රටවලින් සංක්‍රමණිකයන් 120 දෙනෙකු රැගත් බෝට්ටුව ලිබියාවේ වයඹදිග වෙරළ තීරයේ සුවාරා සිට පිටත් වූ බව වාර්තා වේ.

මෑත මාසවලදී, ටියුනීසියානු වෙරළට ඔබ්බෙන් දියේ ගිලී යාමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබිණි.

කාලගුණය යහපත් අතට හැරී ඇති හෙයින් ටියුනීසියාව සහ ලිබියාවේ සිට ඉතාලිය දක්වා යුරෝපයට යෑමට උත්සාහ කිරීමේ වාර ගණන වැඩි වී ඇතැයි පැවසේ.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෑත වසරවලදී අනතුරුදායක ලෙස මධ්‍යධරණි තරණය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අප්‍රිකාවේ සහ මැද පෙරදිග ගැටුම් හා දරිද්‍රතාවය හේතුවෙන් පලායන්නන් වේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...