මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
පසුගියදා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නිහාල් තල්දූව මහතා මෙම අදහස් පළ කළා.
ඔහු එහිදී වැඩිදුරටත් පැවැසුවේ මෙම වෙඩි තැබීම්වලින් බහුතරයක් සංවිධානාත්මක අපරාධකරුවන් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදුකළ ඝාතන බවයි.