24 C
Colombo
Thursday, February 20, 2025

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

- Advertisement -

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරනවා.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව සමාජය හා සාමයික කේන්ද්‍රය (සීඑස්ආර්) කළ ඉල්ලීමකට අදාල තොරතුරු මුදා හරිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම පනත යටතේ 2017 වසරේ දී 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබෙනවා.

2017 නොවැම්බර් මස 16 වැනිදා 2017 වසරේ ගිංතොට සිදුවීමට අදාළව ‍මෙම පිරිස අත්අඩංගුවට ‍ගෙන තිබුණා .

ඊට අදාල පැමිණිල්ල ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර සැකකරුවන් 19 දෙනා මුදා හරින ලෙස නීතිපති උපදෙස් ලැබීමෙන් පසු සැකකරුවන් මුදා හැර තිබෙනවා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වසරේදී.

ඒ මහනුවර දිගන ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිතව ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුම්වලට සමගාමීවයි.

2018 වසරේ දී ‍මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් 43කට අදාලව මේ වන විට මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

2019 වසරේ දී මෙම පනත යටතේ 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් දෙදෙනකු නීතිපති උපදෙස් අනුව මුදා හැර තිබෙනවා.

2019 සැප්තැම්බර් පස් වැනිදා අත්අඩංගුවට ගත් පුත්තලමේ පුද්ගලයකුට අදාලව අධිචෝදනා ගොනු කිරීමට නියමිත අතර සෙසු පිරිසට අදාලව මේ වන තෙක් නීතිපති උපදෙස් ලැබී නැති බවයි සඳහන් වන්නේ.

2019 වසරේ මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස අතර ආරණ්‍ය සේනාසනයකට යන මාර්ගයේ ගසා තිබූ බෞද්ධ කොඩි සෙරා ගත් බව කියන දෙදෙනෙක් ද සිටින අතර ඔවුන් දෙදෙනා වැලිකන්ද පොලිසියෙන් 2019 මාර්තු 28 අත්අඩංගුවට ගෙන මාර්තු 29 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර දෙකකට වැඩි කාලයක් රිමාන්ඩ් බාරයේ සිට 2021 ජුනි 07 වැනිදා ඇප ලබා තිබෙනවා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ 2020 වසරේ දී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය 26 දෙ‍නක්.

ඔවුන් කිසිවකුට එරෙහිව අධිචෝදනා ගොනු කර නොමැති අතර මෙම පිරිසෙන් හත් දෙනෙක් කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නාවික හමුදා වේ දෙදෙනකුට අඩත්තේට්ටම් කිරීම සම්බන්ධයෙන්.

2021 වසරේ දී ‍මෙම පනත යටතේ එක් අයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට වෙනත් නීතියක් යටතේ අධිචෝදනා භාර දීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.

2022 වසරේ දී මෙම පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත්, 2023 වසරේ පළමු මාස හතරේ තුන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් පෙලිසිය පවසනවා.

එම තිදෙනාගෙන් එක් අයකු වරද පිළිගැනීම මත නඩුව අවසන් කර ඇති බවත්, තවත් අයකුට එරෙහිව අධිචෝදනා ගෙනු කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

පොලිසිය ලබා දුන් මෙම තොරතුරු අනුව ඇතැම් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ නම් නොමැති බව ඒවා පරීක්ෂා කිරිමේදී පෙනි යනවා.

2019 දී අත්අඩංගුවට ගත් ශක්තික සත්කුමාරගේ, 2020 දී අත්අඩංගුවට ගත් රම්සි රාසික්ගේ ආදී නම පවා මෙම ලැයිස්තුවේ නොමැතිවීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...