26.7 C
Colombo
Saturday, June 14, 2025

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්  පැවැත්වෙන සිව් වෙනි පාර්ලිමේන්තු විවාදය වන අතර එයද පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැත්වූ අනෙකුත් විවාදයන් මෙන්ම ප්‍රධාන ගැටලු කිසිවකට විසඳුම් සෙවීමට අපොහොසත් වනු ඇත් දැයි සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්.    

මින් පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව පවත්වනු ලැබූ විවාද කිසිවකින් එහි මහ මොළකරු කවුරුන්ද යන ප්‍රශ්නයට නිසි පිළිතුරක් සපයා ගැනීමට පවා නොහැකි වී තිබෙනවා.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල වින්දිතයින්ට යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සැබෑ තොරතුරු තමා හෙළි කිරීමට තමා සූදානම්  බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති පසුබිමක මෙම විවාදය පැවැත්වෙනවා.

එවකට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දැරූ නායකයා වශයෙන් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළි කරනු ඇතැයි අපේක්ෂාවෙන් සමගි ජන බලවේගය මෙම විවාදය පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය එළඹෙන අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES