27 C
Colombo
Saturday, June 10, 2023

මෙරටට කෝටි 483ක චීස් ආනයනය කරලා

- Advertisement -

ශ්‍රී ලංකාවට චීස් ආනයනය කිරීම සඳහා 2018 සහ 2019 යන වසර දෙකේදී රුපියල් කෝටි හාරසිය අසූ තුනක් වැයකර ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී හේරත් මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදි.

එහෙත් එම වසර දෙකේදී මෙරට නිෂ්පාදනය කළ චීස් අපනයනය කිරීමෙන් උපයා ඇත්තේ රුපියල් හාර කෝටි අනූ ලක්ෂයක් පමණක් බවයි රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ.

2019 වසරේදී ශ්‍රී ලංකාව චීස් ලීටර් දහසය ලක්ෂ හත්දහස් හතළිස් එකක් නිෂ්පාදනය කර ඇතැයිද ,මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවයෙන් සියයට හැටක් ආනයනය කිරීමට සිදුවීම ප්‍රබල ගැටලුවක් බවද කී ඇමැතිවරයා විදෙස් රටවලින් ආනයනය කරන කිරිපිටි වර්ග භාවිතය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද පවසන ලදි.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ආනයනය කරන කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බවයි මන්ත්‍රී බුද්ධික පතිරණ මෙහිදී පෙන්වා දුන්නේ.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.