29 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකාවට එරෙහි තරඟයේ දී දකුණු අප්‍රිකාවෙන් වාර්තා 5ක්

- Advertisement -

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සිව්වැනි තරඟය වන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය ඉන්දියාවේ දිල්ලිහි Arun Jaitley ක්‍රීඩාංගණයේදී ඊයේ (07) පැවැත්වුණා.

එම තරඟයෙන් ලකුණු 102කින් ලංකාව පරාජය කරමින් ජය ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඔවුන් විසින් පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428 ක් ලබා ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකානු ඉනිම පළමු කඩුල්ල ලෙස නායක Temba Bavuma ලකුණු 8 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුණා. Quinton de Kock ලකුණු 100 Rassie van der Dussen ලකුණු 108, Aiden Markram ලකුණු 106, David Miller ලකුණු 39, Heinrich Klaasen ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු 02 ක් ද, කසුන් රාජිත, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ කඩුලු 01 බැගින් දවා ගත්තා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 429ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා.

ඒ අනුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් පෙරේරා ලකුණු 7ක් ලබා සිටියදී දැවී ගියා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් පන්දු 42කට ලකුණු 76ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, චරිත් අසලංක පන්දු 65කට ලකුණු 76ක් ලබා සිටියදී දැවී ගියා.

එමෙන්ම වගකීම් සහගත පිතිකරණයක නිරත වූ නායක දසුන් ශානක මෙම තරගයේදී පන්දු 62කට ලකුණු 68ක් ලබා ගත්තා.

සදීර සමරවික්‍රම ලකුණු 23ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 11ක්ද, කසුන් රාජිත ලකුණු 33යි.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ Gerald Coetzee කඩුලු 03ක්ද, Marco Jansen,Keshav Maharaj සහ Kagiso Rabada කඩුලු 02 බැගින්ද, Lungi Ngidi කඩුලු 01 බැගින්ද දවා ගත්තා.

මෙහිදී ලකුණු 429ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 326ක් පමණයි.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා හයකදී මුණගැසී ඇති අතර, ඉන් 1992 ලෝක කුසලානයේදී හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් පරාජයට පත් කිරීමට හැකියාව ලැබී නැහැ.

මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී‍ දකුණු අප්‍රිකාව වාර්තා 5ක් තබනු ලැබුවා.

1.ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව.

  1. ශ්‍රී ලංකාවට එරෙහිව සියලුම එක්දින තරගවලදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.
  2. නවදිල්ලියේ Arun Jaitley ක්‍රීඩාංගණයේ එක් දින තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව.
  3. ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් ඉනිමක ශතක තුනක් රැස් කළ ලොව පළමු අවස්ථාව.
  4. Aiden Markram ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවකු රැස් කළ වේගවත්ම ශතකය රැස් කිරීම.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...