චීන රජයේ ප්‍රදානයක් ලෙස සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටි අතර මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම සිදු කළා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ චීනයේ නිපදවන සයිනෝවැක් එන්නත ඉදිරි මාස දෙක තුළ මෙරට දී නිපදවීම සඳහා කටයුතු අරඹන බවයි.