27.8 C
Colombo
Monday, June 17, 2024
spot_img

සතියට කොළඔ ගස් කඩා වැ‍ටිම් 59ක්

- Advertisement -

අධික සුළං තත්ත්වය හේතුවෙන් සතියක කාලයක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59 ක් වාර්තා වී තිබෙන බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසනවා.

ඉන් ගස් කඩා වැටීමේ සිද්ධි දහනමයක්ම වාර්තා වී ඇත්තේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයෙන් බවත් ඇය සඳහන් කරනවා.

අනෙකුත් ගස් කඩා වැටීම් බොහෝමයක් ප්‍රධාන මාර්ග ආශ්‍රිතව සිදුව තිබෙනවා.

කොළඹ නගර සභාව, ආරක්ෂක අංශවල සහය ඇතිව එම ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වය නොතිබූ ඒවා බවත් ජයවර්ධන මහත්මිය පවසනවා.

එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් තද සුළං හේතුවෙන් මුලින් ඉදිරී ගොස් කඩා වැටි අතර මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබෙනවා

වසර 50 ත් 150 ත් අතර පැරණි ගස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ තිබූ බවත් එම ගස්වල බොහෝ ප්‍රමාණයක කඳ දිරායාම හේතුවෙන් ගස් සියයට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 2,000කට මුද්‍රා තැබේ

අලෙවි කිරීමට සුදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 2,000කට ත්‍රිකුණාමලය පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා. එම සහල් සාම්පල සහ සහල් තොග...

නෙට්බෝලයෙන් වැඩ පෙන්නූ තර්ජනී යුගදිවියට

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් අද (17) විවාහ දිවියට එළැඹ තිබෙනවා. වර්ෂ 1978 දෙසැම්බර්...

ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

සාමාජිකයින් 6 දෙනෙකුගෙන්  "යුද කැබිනට්ටුව" විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා. එම කැබිනට්ටුවේ සිටි ප්‍රබල සාමජිකයෙකු වූ Benny Gantz සහ ඔහුගේ...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...