28 C
Colombo
Saturday, May 4, 2024

වැඩි මිලට බිත්තර අලෙවි කළ 6ක් අත්අඩංගුවට

- Advertisement -

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී  සැකකරුවන් වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් සැකකරුවන් 06 දෙනාට රු ලක්ෂ 06 ක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා නියෝග කලා.

රජයේ පාලන මිලට වඩා බිත්තර වැඩි මිලට වෙලෙදුන් අලෙවි කරන බවට නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය වෙත ලද පැමිණිලි මත මෙම වැටලීම් සිදු කර තිබුණා.

ඒ අනුව  හැටන් , බගවන්තලාව , නොර්වුඩ් , මස්කෙලිය , වටවල සහ ගිනිගත්හේන යන නගර වල උපාය දුතයන් උපයෝග කර ගනිමින් බිත්තර මිල දි ගෙන එම වෙලෙදුන් 06 දෙනා නිතියේ රැහනයට කොටු කර ගැනිමට හැකි වු බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...